පුත්තලම මූලික රෝහලේ නව වෛද්‍ය අධිකාරීවරයා පිළිගැනීමේ සහ වැඩබලන වෛද්‍ය අධිකාරීවරයාට සමුදීමේ උත්සවය

0
26

පුත්තලම මූලික රෝහලේ නව වෛද්‍ය අධිකාරී (Medical Superintendent) ලෙස වැඩභාරගත් වෛද්‍ය ලසිත් මළලසේකර මහතා පිළිගැනීමේ සහ පසුගිය වසරක කාලය පුරා වැඩබලන වෛද්‍ය අධිකාරීවරයා ලෙස විශිෂ්ට සේවාවක් ඉටුකළ වෛද්‍ය ලසන්ත ලියනගේ මහතාට ගෞරවනීය ලෙස සමුදීමේ විශේෂ උත්සවයක් පසුගිය සෙප්තැම්බර් 01 වන දා පුත්තලම ‘ICE Talk Family Restaurant’ ශාලාවේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

මෙම විශේෂ උත්සවය රෝහල් සංවර්ධන කමිටුව (HDC), පුත්තලම මොහිදීන් ජුම්මා මහ පල්ලිය, ජම්ඉයියතුල් උලමා සංවිධානයේ පුත්තලම ශාඛාව, පුත්තලම වෙළෙඳ සංගමය (PUTWA) සහ පුත්තලම නගර සභාව (MCC) එක්ව සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාව සඳහා සර්වාගමික නායකයින්, උලමාපරුන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී M. J. M. ෆයිසාල්, පුත්තලම නගර සභාවේ නගරාධිපති රින්සාද් අහමඩ්, උප නගරාධිපති M. N. M. නුස්කි, පුත්තලම මහ පල්ලියේ නිලධාරීන්, පුත්තලම වෙළෙඳ සංගමයේ සභාපති ඇතුළු සාමාජිකයින්, වෛද්‍යවරුන්, රෝහල් සංවර්ධනයට දායක වන ප්‍රදේශයේ ප්‍රභූවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

උත්සවයේ පිළිගැනීමේ කථාව පුත්තලම මහ පල්ලියේ ලේකම් අෂ්ෂේක් S. A. M. ෆර්රාජ් මහතා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන ලදී.

ඉන් අනතුරුව, වෛද්‍ය H. M. හන්නාන් සහ ශරීර විද්‍යාඥ (Anatomist) වෛද්‍ය රකිත වෙලගෙදර යන මහත්වරුන් විසින් පුත්තලම රෝහලේ සංවර්ධනය සහ ඉදිරි ප්‍රගතිය පිළිබඳව විශේෂ දේශන පවත්වන ලදී.

පුත්තලම ජනතාව සහ විවිධ සංවිධාන වෙනුවෙන්, සමුගන්නා වෛද්‍ය අධිකාරී වෛද්‍ය ලසන්ත ලියනගේ මහතාට සහ නව වෛද්‍ය අධිකාරී වෛද්‍ය ලසිත් මළලසේකර මහතාට පොන්නාඩ පැළඳවීමටත්, මතක වස්තු තිළිණ කරමින් ගෞරව දැක්වීමටත් මෙහිදී කටයුතු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here