පාකිස්ථානයේ අගනුවර පිහිටි පාකිස්ථාන වෛද්‍ය විද්‍යා ආයතනය (PIMS) රෝහලේ ළදරු ඒකකයේ හදිසියේ හටගත් ගින්නකින් අලුත උපන් බිළිඳුන් ඇතුළු ළමුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉස්ලාමාබාද් පොලිසිය තහවුරු කර තිබේ.
වායුසමීකරණ යන්ත්‍රයක කම්ප්රෙෂරයක් පිපිරී යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සහනසැලසීමේ කණ්ඩායම් සැක පළ කරන අතර, ගින්න හටගත් අවස්ථාවේදී රෝහල් බලධාරීන්ට මුදාගැනීමට හැකිව ඇත්තේ එක් දරුවෙකු පමණි.
මෙම දරුණු අනතුරින් තවත් බිළිඳුන් කිහිපදෙනෙකු දැඩි සත්කාර ලබමින් පසුවන බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

