පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානයට යළිත් ගුවන් ප්‍රහාර

0
7

ඇෆ්ගනිස්තානයේ පළාත් දෙකක පිහිටි ත්‍රස්තවාදී සැඟවුම් ස්ථාන ඉලක්ක කරගනිමින් පාකිස්තානය යළිත් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, එමගින් ත්‍රස්තවාදීන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පාකිස්තානය ප්‍රකාශ කළ ද, ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු සිවිල් වැසියන් 10 දෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගනිස්තානය පවසයි.

දෙරට අතර පවතින නිරන්තර දේශසීමා ගැටුම් සහ මෙම වසර මුලදී උග්‍ර වූ හමුදාමය නොසන්සුන්තාව මධ්‍යයේ එල්ල වූ මෙම ප්‍රහාරවලින් සිදු වූ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ඉදිරිපත් කරන තොරතුරු මෙතෙක් ස්වාධීනව තහවුරු වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here