උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යාමේ අවදානමක්

0
6

 

බඩඉරිඟු ආනයනයට අවසර දීම ප්‍රමාද වීම හේතුවෙන් ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යා හැකි බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු වෙනුවට සහල් භාවිත කිරීමට සිදුවීම නිසා කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය සීග්‍රයෙන් පහළ යමින් පවතින බවයි.

එමෙන්ම බඩඉරිඟු හිඟය හමුවේ දැනටමත් සුළු පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් 20%ක් පමණ මෙම ක්ෂේත්‍රයෙන් ඉවත්ව ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here