ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී නානා පටේකාර් අභාවප්‍රාප්ත වෙයි

0
12

හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී සහ චිත්‍රපට නිෂ්පාදක නානා පටේකාර් ගෝවාහි පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඔහු 75 වන වියෙහි පසුවුණි.

රෝහල් ආරංචි මාර්ගවලට අනුව, ඔහුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිනිත්තු 45 කට ආසන්න කාලයක් පුරා වෛද්‍යවරුන් ඔහුව ප්‍රකෘති තත්ත්වයට ගැනීමට දැඩි උත්සාහයක් ගත්තද, කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

ඔහුගේ පුත් මල්හාර් පටේකාර් එම අවස්ථාවේ පූනේ හි සිට ඇති අතර, පුවත සැලවීමත් සමඟ ඔහු වහාම ගෝවා බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

1951 ජනවාරි 1 වන දින මහාරාෂ්ට්‍රයේ උපත ලැබූ නානා පටේකාර්, සිය තියුණු රංගන ශෛලිය, සුවිශේෂී දෙබස් උච්චාරණය සහ සංකීර්ණ චරිත නිරූපණය සඳහා ප්‍රසිද්ධියට පත් සිනමාකරුවෙකි. ඔහු 1978 දී ‘Gaman’ චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමාවට පිවිසි අතර, මෑතකදී ‘Housefull 5’ හාස්‍යජනක චිත්‍රපටයේ ද සහායක චරිතයක් නිරූපණය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here