ප්රබල අකුණු ඇතිවීම සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නවතම අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (16) පෙරවරු 11.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද රාත්රී 11.30 දක්වා කාලය තුළ ක්රියාත්මක වේ. ඒ අනුව සබරගමුව, මධ්යම, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම මඩකලපුව, ත්රිකුණාමලය, මුලතිව්, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්රික්කවල සවස් හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙම ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අදාළ ප්රදේශවල තාවකාලික තද සුළං තත්ත්වයන්ද හටගත හැක. එබැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු හා හානි අවම කරගැනීම සඳහා ජනතාව සැමවිටම අවශ්ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැඩිව ඉල්ලා සිටී.

