දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (07) පෙරවරු 11.00ට නිකුත් කර ඇති මෙම අවවාදාත්මක නිවේදනය හෙට (08) අලුයම 1.00 දක්වා වලංගු වන අතර, ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත්, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වීමටද ඉඩ ඇති බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

