පලස්තීන මාධ්‍යවේදීන්ගේ ධෛර්යය ලොවට හෙළි කළ “Inside Gaza” වාර්තා චිත්‍රපටයට මොන්ට්‍රියෙල් සිනමා උළෙලේදී ප්‍රධාන සම්මානයක්

0
2

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ සත්‍යය ලෝකයට ගෙන ඒමට කැප වන පලස්තීන මාධ්‍යවේදීන්ගේ අභීත මෙහෙවර අනාවරණය කරන “Inside Gaza” වාර්තා චිත්‍රපටය, මොන්ට්‍රියෙල් හි පැවති 32 වන සිනමානියා ෆ්‍රැන්කෝෆෝන් චිත්‍රපට උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගැනීමට සමත්ව ඇත.

හෙලීන් ලැම් ට්‍රොං විසින් අධ්‍යක්ෂණය කරන ලද මිනිත්තු 72 ක මෙම චිත්‍රපටය තුළින්, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට ගාසා තීරයට ඇතුළුවීම තහනම් කර ඇති අභියෝගාත්මක පසුබිමක දැඩි අවදානම් මධ්‍යයේ තොරතුරු වාර්තා කරන AFP මාධ්‍යවේදීන් සිව්දෙනෙකු වන මයි යාගි, අඩෙල් සානවුන්, මහමුද් හැම්ස් සහ මොහොමඩ් අබෙඩ් යන අයගේ අත්දැකීම් අනාවරණය කෙරේ.

සම්මානය පිළිගනිමින් අඩෙල් සානවුන් එය යුද්ධයෙන් ජීවිතක්ෂයට පත් වූ පලස්තීන මාධ්‍යවේදීන්ට මෙන්ම ජීවිත අවදානම් නොතකා තවදුරටත් සත්‍යය වාර්තා කරන සියලුම මාධ්‍යවේදීන්ට උපහාරයක් ලෙස කැප කළේය. මේ අතර, මෙම සුවිශේෂී වාර්තා චිත්‍රපටය ඉදිරි 2027 ඔස්කාර් සම්මාන උළෙල සඳහා ද නිර්දේශ වී තිබීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here