නිල්වලා ගඟ පිටාර ගලයි

0
10

අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට අයත් පහත් බිම් සඳහා ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.

විශේෂයෙන්ම අකුරැස්ස – පස්ගොඩ සහ මොරවක – නෙළුව මාර්ගවල ගමනාගමනය අණහිට ඇති අතර, විකල්ප මාර්ග ද ජලයෙන් යටවෙමින් පවතී. පවතින අයහපත් තත්ත්වය හමුවේ අකුරැස්ස සහ අතුරලිය ප්‍රාදේශීය සභා සේවකයන් ජනතාවට සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටින අතර, ගඟ ආශ්‍රිතව වෙසෙන ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here