අමාත්‍ය හර්ෂණ නානායක්කාර පනත් කෙටුම්පත් සභාගත කරයි

0
11

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් අදාළ පනත් කෙටුම්පත් දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට සභාගත කිරීමෙන් අනතුරුව මෙලෙස විවාදය ඇරඹී තිබේ.

අදාළ විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, වත්මන් ආණ්ඩු ජනවරම අනුව කටයුතු කරන බවය.

“අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් පිටු අංක 200 අරන් බැලුවොතින් එහි මූලධර්ම වශයෙන් අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මකවීම, නීති පද්ධතියක් ක්‍රියාත්මකවී සම්බන්ධයෙන් අපි සඳහන් කරන්නේ මොකක්ද? එක, සාධාරණව හා සමානව නීතයේ රැකවරණය දෙක, විනිවිදභාවය සහ කාර්යක්ෂමභාවය, ස්වාධීනත්වය සහ ජනතා විශ්වාසය. මෙන්න මේ මූලධර්ම මත පිහිටලා තමයි අපි අධිකරණ පද්ධතිය මෙහෙයවනවා කියන කාරණාව ජනතාවට පොරොන්දු වුණේ. අද පොරොන්දුවේ එක කොටසක් ඉටු කරන දවසක්. මේ පනත් දෙක.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here