නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කෙරේ.

0
6
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කර තිබූ නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව, දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් සඳහා දෙවන මට්ටමේ (මදින්න/අවධානයෙන් සිටින්න) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, තවත් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ (විමසිලිමත් වන්න) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මෙම නිවේදනය හෙට (24) පස්වරු 4.00 දක්වා වලංගු වේ.

දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් (අවධානයෙන් සිටින්න)

  • රත්නපුර දිස්ත්‍රික්කය: ඇලපාත, කුරුවිට, රත්නපුර
  • කෑගල්ල දිස්ත්‍රික්කය: මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට, අරණායක
  • නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව, නෝර්වුඩ්

පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් 

  • බදුල්ල දිස්ත්‍රික්කය: හපුතලේ, හල්දුම්මුල්ල, පස්සර, හාලි ඇල, ඌව පරණගම
  • කොළඹ දිස්ත්‍රික්කය: පාදුක්ක, සීතාවක
  • කළුතර දිස්ත්‍රික්කය: හොරණ, මතුගම
  • මහනුවර දිස්ත්‍රික්කය: යටිනුවර, උඩුනුවර, උඩුදුම්බර, දෙල්තොට, දොලුව, මිණිපේ, උඩපලාත, කුණ්ඩසාලේ, මැදදුම්බර
  • කෑගල්ල දිස්ත්‍රික්කය: බුලත්කොහුපිටිය, යටියන්තොට, වරකාපොළ
  • කුරුණෑගල දිස්ත්‍රික්කය: මාවතගම, ඉබ්බාගමුව, රිදීගම, ගනේවත්ත
  • මොනරාගල දිස්ත්‍රික්කය: මැදගම
  • නුවරඑළිය දිස්ත්‍රික්කය: මතුරට, වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර
  • රත්නපුර දිස්ත්‍රික්කය: අයගම, ඇහැලියගොඩ, වැලිගෙපොල, කලවාන, ඉඹුල්පේ, නිවිතිගල, කොලොන්න, බලන්ගොඩ, ගොඩකවෙල, කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here