දෙස් විදෙස් අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සාර්ථක ලෙස පැවැත්වු සුන්දරාරාම කුරුක්කල් ජදුර්සනාගේ අරන්ගේත්‍රම් ප්‍රසංගය.

0
26

පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සම සභාපති සිව ශ්‍රී සුන්දරරාම කුරුක්කල් සහ එම මැතිනිය වන මලර්විලිගේ ආදරණීය දියණිය සහ වව්නියාව නෘත්‍ය නිකේතන සෞදර්ය කලා විද්‍යාලයේ විදුහල්පතිනී සූරියයාලිනි වීරසිංහම් මහත්මියගේ ශිෂ්‍යාවක වන සුන්දරාරාම කුරුක්කල් ජදුර්සනාගේ අරන්ගේත්‍රම් ප්‍රසංගය පසුගිය 25 වනදා සාර්ථකව පැවැත්වුණි.

දෙස් විදෙස් අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් හලාවත සුදසුන ශාලාවේදී පස්වරු 2 සිට රාත්‍රී 8 දක්වා ප්‍රසංගය පැවැත් වුණි.

මේ සඳහා ප්‍රධානා ආරාධිතයා ලෙස රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතාද, ප්‍රමුඛ පුජකයින් ලෙස තමිල්නාඩුවේ සිට පැමිණි පිල්ලෙයාර්පට්ටි කපහ විනායගර් වේද ආගම විද්‍යාලයේ විදුහල්පති විකාස්රත්නා ශිව.කේ. පිවෙයි කුරුක්කල්තුමා, ආචාර්ය ශිව පද්මනාබන් සර්මා (පීඨාධිපති – හින්දු අධ්‍යයන පීඨය, යාපනය විශ්වවිදකලය භාරකරු – මුන්නේස්වරම් දේවස්ථානය, හලාවත), පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමටුවේ සම සභාපති සහ වනාතවිල්ලුව බෝධමළුව විහාරයේ විහාරාධිපති පූජ්‍ය බුද්ධියාගම චන්ද්‍රරතන ස්වාමින් වහන්කසේ,පූජ්‍ය ආචාර්ය දොන් විමල්සිරි ජයසූරිය පියතුමා (අගරදගුරු හිමිපාණෝ – හළාවත පදවිය), අශ්ෂෙයික් අබ්දුල් මුජිබ් සාලිහ් මව්ලවිතුමා (සම සභාපති – පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව), කලා භූෂණ ශිව වෙංගඩ සුබ්‍රමනිය කුරුක්කල්තුමා (වයලින් විශාරද) සහභාගී වූහ.

ක්ෂේත්‍රීය අමුත්තන් ලෙස ජාතික අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (නැටුම්) ආචාර්ය රාගිනි තිරුක්කුමරන් මහත්මිය, විශේෂ අමුත්තන් ලෙස පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එමි.පේ.එමි. ෆයිසල් මැතිතුමා, පුත්තලම මහා නගර සභාවේ පුරපති ඉංජිනේරු රිෂාඩ් අහ්මඩ් මැතිතුමා, ගෞරවනීය අමුත්තන් ලෙස හින්දු මධ්‍ය මහා විදුහලේ විදුහල්පති පාලදා සරාජා තම්බිදුරෙයි මහතා, පුත්තලම විමල රංජනී රමේල්කුමාර් මහත්මිය සංවර්ධන නිලධාරිණීය (හින්දු සංස්කෘතික) – පුත්තලම දිස්ත්‍රික්කය පුත්තලම දිස්ත්‍රික්ක බ්‍රහ්මණ සංධානයේ සාමාජිකයින් පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සාමාජිකයෝ සහභාගී වූහ.

මෙහිදී සම්ප්‍රධායානුකූලව නටරාජ දෙවියන්ට පූජාවන් සිදු කරමින් ආරම්භ කෙරුණු මෙම අරංගේත්‍රම් ප්‍රසංගයට පුෂ්පාන්ජලි, ජදීස්වරම්,ගෞතුවම්, තෝඩය මංගලම්,ශබ්දම්, පදවර්නම්, පදම්, සිවතාන්ඩවම්, සහ තිල්ලාන යන නර්තන අංගයන් ඇතුළත් විය. එම නර්තනයන් තනිව ඉදිරිපත් කළ ජදුර්සනා මෙනවියගේ දක්ෂතාවයන් පැමිණ සිටි පිරිස පුදුම කරනවන සුළු විය.

පැමිණ සිටින පිරිස අමතමින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ කලාවට සංස්කෘතියට ලැදි සමාජයක් රටට අවශ්‍ය බවයි. සියළු ජාතීන්ගේ සංස්කෘතීන් ආරක්ෂා කිරීමට රජය කැප වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පැමිණි සියළුම සම්භාවනීය අමුත්තන්ට සහ ආගමික නාකයකයින්ට රන්සළු පලඳවා සමරු තිලිණ ප්‍රධානය කෙරුණි.

ජදුර්සනා මෙනවියගේ දක්ෂතා පිළිබඳව ඇතුළත් සමරු පොතක්ද මෙහිදී පැමිණ සිටි අමුත්තන් වෙත පිළි ගන්වන ලදී.

එසේම ප්‍රසංගය සාර්ථක කර ගැනීමට සහය දැක්වූ සියළු කලා ශිල්පීන්ටද සමරු තිළිණ ප්‍රධානය කෙරුණි.

ප්‍රසංගය අවසානයේ පැමිණ සිටි සියළු දෙනා විසින් ජදුර්සනා මෙනවිගේ දක්ෂතාවයන් අගයමින් ඇයට තිලිණ ප්‍රධානය කරන ලදී.

  

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here