දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

0
22

අන්දමන් මුහුද ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතිය ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් එල්ල නොකළද, ඒ දෙසට ඇදී යන සුළං ධාරා හේතුවෙන් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි පතිත විය හැකිය.

එමෙන්ම ඌව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට සවස 2.00න් පසු වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ඇතුළු ප්‍රදේශ කිහිපයක පැයට කිලෝමීටර 30-40 දක්වා තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here