දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සහ හෙට අධික උණුසුම් කාලගුණයක්

0
3

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහජනතාව අවධානයෙන් පසුවිය යුතු බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (01) පස්වරු 4.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (02) දිනය පුරා බලපැවැත්වෙනු ඇත.

ඒ අනුව උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මොනරාගල, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම (Heat Index) “අවධානය යොමු කළ යුතු” මට්ටම දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.

එම ප්‍රදේශවල වෙසෙන ජනතාව උණුසුමෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here