SDIG රන්මල් කොඩිතුවක්කු ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් ජාතික පොලිස් කොමිෂමෙන් අහෝසි කෙරේ

0
6

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ලබාදී තිබූ ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ආයතනික අවශ්‍යතා සහ විමර්ශනවල ස්වාධීනත්වය සුරැකීමේ පියවරක් ලෙස මෙම ස්ථාන මාරුවීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය මීට පෙර තීරණය කර තිබිණි.

මේ අතර, කොළඹ වරායේදී සොයාගත් රුපියල් කෝටි 800කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ සහ රථවාහන භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඊයේ (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටි අතර, පැය 3ක ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසු ඔහු පිටව ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here