දිවයිනට බලපෑ වියළි කාලගුණයෙන් 84,000කට පීඩා

0
11

දිවයිනේ පළාත් කිහිපයක පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 84,000කට අධික පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවලට අනුව දිස්ත්‍රික් 7ක පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු මෙම වියළි කාලගුණයෙන් පීඩා විඳිති. මේ අතරින් පානීය ජල හිඟයට මුහුණ දී සිටින දිස්ත්‍රික් 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක පවුල් 24,144කට අයත් පුද්ගලයින් 75,734 දෙනෙකු උදෙසා බවුසර් මගින් පානීය ජලය බෙදා හැරීමේ කටයුතු මේ වන විට සක්‍රියව සිදුකෙරෙමින් පවතී.

මේ අතර, පවතින වියළි තත්ත්වය හමුවේ වුවද අද දිනයේදී ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

තවද, කුකුළේගඟ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ජලාශය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ මෙමගින් තත්ත්පරයට ඝන මීටර් 20ක පමණ ජල ප්‍රමාණයක් කුඩා ගඟට මුදාහැරෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here