ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86.81 දක්වා පහළ ගොස් ඇති අතර, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.90ක් ලෙස සටහන්ව තිබේ.
මීට අමතරව මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් මිල ගණන් ද 7.89%ක සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කරමින් බැරලයක් අමෙරිකානු ඩොලර් 93.44ක් දක්වා අඩුවී ඇත.

