දිවයින පුරා පස්වරු වැසි සහ ඇතැම් ප්‍රදේශවලට තද වැසි

0
16

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතී.

විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත.

මීට අමතරව, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු මඟින් සිදුවන අනතුරු සහ තාවකාලික තද සුළංවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here