ජපානයේ පැවති 20 වැනි Aichi-Nagoya ආසියානු ක්‍රීඩා උලෙළ ඊයේ (04) නිමාවට පත් වූ අතර, එහිදී රන් පදක්කම් 169ක්, රිදී 89ක් සහ ලෝකඩ 83ක් ඇතුළුව සමස්ත පදක්කම් 341ක් දිනා ගනිමින් විදෙස් රටක පැවති ආසියානු ක්‍රීඩා උලෙළකදී චීනය සිය ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාව දිනා ගනිමින් ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
මීට පෙර ඔවුන් විදේශයකදී වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනා තිබුණේ 2006 දෝහා ක්‍රීඩා උලෙළේදී (රන් 165ක්) වන අතර, මෙවර රන් සහ සමස්ත පදක්කම් ලැයිස්තුවේ පෙරමුණ ගත් චීනය ක්‍රීඩා උලෙළේ සමාප්තියත් සමඟ මීළඟ සත්කාරක රාජ්‍යය වන කටාර්හි දෝහා නුවර වෙත උලෙළේ ධජය භාර දීමද සිදු කළ අතර, මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකාව සමස්ත ශ්‍රේණිගත කිරීම්වල 28 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

