දිවයින පුරා ඩෙංගු මරණ 74 දක්වා ඉහළට

0
12

මේ වසරේ ගතවූ කාලසීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකයේ දත්තයන්ට අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,847 ක් වන අතර, සැප්තැම්බර් මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් රෝගීන් 1,356 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 21.27% ක ඉහළම ප්‍රතිශතයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,412 ක් වාර්තා වී ඇත. මීට අමතරව මහනුවරින් 7,164 ක්, කළුතරින් 6,212 ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,178 ක් ලෙස වාර්තා වන බව වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here