මෙරට දරුවන් අතරින් වසරකට පිළිකා රෝගීන් 900-1000ක් වාර්තා වෙයි – ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා

0
8
Sathiyaraj Silaksana, 27, cries as her husband Kesakarasa Sathiyaraj, 34, hugs their son, S. Saksan, 5, who has been diagnosed with leukaemia, at a cancer care transit home, near Apeksha Hospital, Colombo, Sri Lanka, August 12, 2022. "Due to the current crisis in Sri Lanka, we are facing severe problems in transport and food," said Silaksana, "I have no option but to pay for my son's needs. My husband, is a construction worker. In order to pay for all these expenses we pawned our jewellery." REUTERS/Kim Kyung-Hoon SEARCH "SRI LANKA CANCER" FOR THIS STORY. SEARCH "WIDER IMAGE" FOR ALL STORIES.

උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩවල පසුවන දරුවන් සහ යෞවනයන් අතරින් වසරකට පිළිකා රෝගීන් 900ත් 1000ත් අතර සංඛ්‍යාවක් මෙරටින් புதிතින් හඳුනාගන්නා බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, ළමා පිළිකා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සමගාමීව මෙම තොරතුරු අනාවරණය කළ බවයි.

වැඩි වශයෙන් හඳුනාගන්නා පිළිකා වර්ග:

  • ලිව්කේමියා (Leukemia)

  • වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා (Lymphoma)

  • මොළයේ පිළිකා (Brain Tumors)

  • අස්ථි පිළිකා (Bone Cancers)

  • ඇස් ආශ්‍රිත පිළිකා (Eye Cancers / Retinoblastoma)

ළමා පිළිකා කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් ඒවා සම්පූර්ණයෙන්ම පාහේ සුවපත් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව ද වෛද්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here