දිවයනට බලපාන තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

0
24

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු තීරයේ ගමන් කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හදිසි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

බටහිර-මධ්‍යම සහ වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය අද (22) පෙ.ව. 05:30 වන විට එම ප්‍රදේශයේම රැඳී තිබූ අතර, ඉදිරි පැය 12 තුළ එය ‘ගැඹුරු පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වෙමින් උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙහි බලපෑමෙන් සුළගේ වේගය පැ.කි.මී. 55-70 දක්වා ඉහළ ගොස් මුහුද ඉතා රළු විය හැකි බැවින්, උතුරු අක්ෂාංශ 5-22 සහ නැගෙනහිර දේශාංශ 85-100 අතර මුහුදු සීමාවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවන ලෙසත්, දැනට රැඳී සිටින යාත්‍රා වහාම ඉවත් වන ලෙසත් කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here