යුක්රේන අර්බුදය සහ ඉරාන-ගල්ෆ් කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදී ගෝලීය ආහාර අර්බුදයක් සහ උග්‍ර පොහොර හිඟයක් මතුවීමේ දැඩි අවදානමක් පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අනතුරු අඟවයි.
නිව්යෝර්ක් නුවර පැවැති Asia Society සංවාදයට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ ඉන්ධන, ආහාර, පොහොර සහ මූල්‍ය අංශයන්හි ඇතිවී තිබෙන මෙම අර්බුදය නිසා සංවර්ධනය වෙමින් පවතින ‘ගෝලීය දකුණේ’ (Global South) රටවල් දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි.
විශේෂයෙන්ම බටහිර ආසියාව සහ රුසියාව වැනි ප්‍රධාන පොහොර සහ බලශක්ති නිෂ්පාදකයින්ගේ සැපයුම් ජාල බිඳවැටීමත්, තෙල් වෙළෙඳපොළ තුළ සිදුකෙරෙන දේශපාලන වාසි තැකීම් නිසාත් ගෝලීය වෙළෙඳපොළ තවදුරටත් සංකීර්ණ වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

