දකුණු නයිජීරියාවේ තෙල් නළ මාර්ගයකින් නීතිවිරෝධී ලෙස බොරතෙල් සොරකම් කිරීමට උත්සාහ කළ පුද්ගලයින් 37 දෙනෙකු විෂ දුම් ආඝ්‍රාණය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පවතින දැඩි දිළිඳුකම හේතුවෙන් මෙලෙස තෙල් නළ මාර්ගවලින් ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධියෙන් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් විශ්වාස කරයි. සිද්ධිය සම්බන්ධයෙන් නයිජීරියානු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

