දිගුකාලීන වියළි කාලගුණයෙන් පසුව මොනරාගල, අම්පාර, බදුල්ල, මඩකලපුව ඇතුළු නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට අද (04) සහ හෙට (05) තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ වාර්තාවලට අනුව දැනට වර්ධනය වෙමින් පවතින ‘එල් නිනෝ’ තත්ත්වය ඔක්තෝබර් සහ නොවැම්බර් වන විට ප්‍රබල මට්ටමකට ළඟා වීමත් සමඟ මෙරට වර්ෂාපතන රටාවේ වෙනස්කම් රැසක් සිදුවිය හැකි බව එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසීය.
මේ හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මාසයේදී උෂ්ණත්වය ඉහළ යා හැකි අතර, ලබන වසරේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා වර්ෂාපතනය අඩුවී නැවතත් දැඩි උණුසුම් කාලගුණයක් ඇතිවීමේ අවදානමක් පවතී.
මේ අතර, ඌව, මධ්‍යම, නැගෙනහිර පළාත්වල සහ පොළොන්නරුව, මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තද වැසි ඇති විය හැක.
තවද, හෙට (05) දහවල් 12:08ට මොරටුව, කැස්බෑව, ඉදල්ගස්හින්න, පානම ඇතුළු ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වන අතර, හම්බන්තොට සිට පොතුවිල් සහ කන්කසන්තුරය සිට පුත්තලම දක්වා මුහුදු තීරයේ සුළගේ වේගය පැ.කි.මී. 50-60 දක්වා වැඩි වී මුහුද විටින් විට රළු විය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

