තුර්කි උසස් අධ්‍යාපන කවුන්සිලයේ සභාපති එරෝල් ඔස්වාර් (Erol Özvar) මහතා පෙන්වා දෙන පරිදි, විද්‍යාත්මක ප්‍රකාශන නිෂ්පාදනය අතින් තුර්කිය මීට පෙර ලෝකයේ 35 වැනි ස්ථානයේ පසුවුවද, වර්තමානය වන විට එය 13 වැනි ස්ථානය දක්වා සුවිශේෂී ප්‍රගතියක් ලබා ඇත. ‘CNN Türk’ නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
විශ්වවිද්‍යාලවල පර්යේෂණ ප්‍රතිදානයන් සහ සමස්ත ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත්රවලට වෙන් කෙරෙන සම්පත් වැඩි කිරීම මෙම සාර්ථකත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.
එමෙන්ම, විශ්වවිද්‍යාල අතර තරඟකාරී බවක් ඇති කරමින් ඒවා විවිධාංගීකරණය කිරීම කවුන්සිලයේ මූලික අරමුණක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඒ යටතේ, දැනට තුර්කිය තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල 20ක් සහ ලාභ නොලබන පදනම් විශ්වවිද්‍යාල 3ක් ඇතුළුව සමස්ත පර්යේෂණ විශ්වවිද්‍යාල 23ක් ක්‍රියාත්මක වේ.

