අමෙරිකාවේ මධ්‍යම ටෙක්සාස් හි සිදුවූ හමුදා හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි.
‘ෆෝට් හුඩ්’ (Fort Hood) හමුදා කඳවුරට අයත් AH-64 ඇපෑචි (AH-64 Apache) වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් මෙලෙස සලාඩෝ (Salado) ගම්මානයට දකුණින් පිහිටි තණබිම් ප්‍රදේශයකට කඩා වැටී ඇත.
හදිසි ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වන විටත් යානය කඩා වැටීම හේතුවෙන් විශාල ගිනිගැනීමක් හටගෙන වේගයෙන් පැතිර යමින් තිබූ අතර, එහි සිටි දෙදෙනාම ඒ වන විටත් මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

