කථානායකවරයා විසින් සිදුකළ බවට පැවසෙන වාහන සහ නිල නිවාස අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව, එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා අද (13) දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.

