ඥානසාර හිමිට ජනපති පොදු සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්

1
21

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් අත්සන් ලක්ෂ 50කින් යුත් ජනතා පෙත්සමකට අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත මුල් කරගනිමින් ආරම්භ කර තිබේ.

පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ මඟපෙන්වීමෙන් ආරම්භ කර ඇති මෙම අත්සන් එකතු කිරීමේ වැඩසටහනෙන් අනතුරුව, අදාළ පෙත්සම ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීමට නියමිතය.

මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අද උදෑසන මහා සංඝරත්නය පළමුව දෙවිනුවර ශ්‍රී  විෂ්ණු දේවාලය වෙත වැඩම කර දේව කන්නලව්වක් සිදුකළ අතර, ඉන් අනතුරුව ජනතාවගෙන් අත්සන් ලබා ගැනීම ආරම්භ කෙරිණි.

අද දින පුරා දෙවිනුවර, මාතර, වැලිගම, හබරාදුව සහ ගාල්ල යන ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් අත්සන් එකතු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බව පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ පැවසූහ. තවද, හෙට (10) දිනයේදී කොළඹ දිස්ත්‍රික්කය මුල් කරගනිමින් මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here