ජෝර්ජියාවේදී ලෝක මේස පන්දු අනුශූරතාව දිනූ චනුකි අක්ෂනා දිවයිනට.

0
19
ජෝර්ජියාවේ පැවති ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ (WTT) වයස අවුරුදු 13න් පහළ කාණ්ඩයේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩිකා චනුකි අක්ෂනා සිසුවිය රිදී පදක්කමද සමඟින් අද (02) අලුයම දිවයිනට පැමිණියාය.
ඉකුත් සැප්තැම්බර් 27 සිට 30 දක්වා ජෝර්ජියාවේ ටිබිලිසි (Tbilisi) නුවර පැවැත්වුණු මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 25ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියහ.
ජාත්‍යන්තර තලයේ තැබූ මෙම අභිමානවත් ජයග්‍රහණයෙන් පසු ඇය අද අලුයම 12.40ට ඩුබායි සිට පැමිණි ‘ෆ්ලයි ඩුබායි’ (Flydubai) සේවයට අයත් FZ-569 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූවාය.
ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී ඇයව පිළිගැනීම සඳහා ඇයගේ දෙමාපියන් ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here