ජපානයට ප්‍රබල ටයිෆූන් සුළි කුණාටුවෙන් තර්ජන

0
10

ජපානයට බලපා ඇති ප්‍රබල ‘ටයිෆූන්’ සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී එරට ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ වාර්තාගත වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවට ජපාන කාලගුණ බලධාරීන් අනතුරු අඟවයි.

විශේෂයෙන් ටෝකියෝ කලාපයට මිලිමීටර් 350ක පමණ තද වැසි ඇදහැලීමේ අවදානමක් පවතින අතර, එමඟින් පහත් බිම් රැසක් දරුණු ගංවතුර තත්ත්වයකට ගොදුරු විය හැකි බව සඳහන් වේ.

අයහපත් කාලගුණික තර්ජනය හමුවේ මගී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජපානයේ දුම්රිය ගමනාගමනය සහ ගුවන් තොටුපොළ මෙහෙයුම් සීමා කිරීමට ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here