චෙස් ලෝක ශූර මැග්නස් කාල්සන් පරදවා 15 හැවිරිදි ඉන්දීය ක්‍රීඩක වන්දන් අලංකාර් සවායිගෙන් පෙරළිකාර ජයක්

0
9

ලොව අංක එකේ චෙස් ක්‍රීඩක මැග්නස් කාල්සන් (Magnus Carlsen) පරාජය කිරීමට වයස අවුරුදු 15ක් වන ඉන්දීය ජාතික වන්දන් අලංකාර් සවායි (Vandan Alankar Sawai) සමත්ව තිබේ.

සතිපතා පවත්වනු ලබන “Titled Tuesday” අන්තර්ජාල චෙස් තරගාවලියේ දෙවන වටයේදී සුදු ඉත්තන්ගෙන් ක්‍රීඩා කළ වන්දන්, ලකුණු 2,823ක ප්‍රසාද අගයක් සහිත මැග්නස් කාල්සන් හමුවේ පියවර 50කදී මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

තමා ලැබූ මෙම පෙරළිකාර ජයග්‍රහණය පිළිබඳව වන්දන් සිය දෙමාපියන්ට හෝ පුහුණුකරුට පවා පූර්ව දැනුම්දීමක් සිදුකර නොමැති අතර, පසුව ඔහුගේ පියා විසින් අන්තර්ජාලය ඔස්සේ තරග විස්තර දැක විමසූ විට පමණක් ඒ පිළිබඳව පවසා තිබේ. “අපේ බලකිරීම මතයි ඔහු මෙම තරගාවලියට එක්වුණේ. ඔහු ජයග්‍රහණය ගැන අපිට කිව්වෙත් මහත්තයා ඇහුවට පස්සෙයි,” යනුවෙන් වන්දන්ගේ මව පවසා සිටියාය.

දෙල්හි සර්දාර් පටේල් විද්‍යාලයේ ඉගෙනුම ලබන 15 හැවිරිදි වන්දන්ගේ ඊළඟ ප්‍රධාන ඉලක්කය වන්නේ ජාත්‍යන්තර මාස්ටර් (International Master) ධුරය ලබා ගැනීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here