චීනයේ ටිබෙට් ප්‍රදේශයට දැඩි භූමිකම්පාවක්. 16 දෙනෙකු මිය යයි 32කට තුවාල

0
16

නිරිතදිග චීනයේ ෂිසැං ස්වයංපාලන කලාපයට (ටිබෙට්) අයත් නාග්චු (Nagqu) නගරයේ බාකෙන් (Baqen) ප්‍රදේශයේ හටගත් රිච්ටර් මාපක 7.0ක ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් 32 දෙනෙකු තුවාල ලබා ඇති බවත් චීන මාධ්‍ය වාර්තා කරයි.

මෙම ස්වභාවික විපත්තිය නිසා නිවාස 300කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව අදාළ හදිසි කළමනාකරණ කාර්යාංශය තහවුරු කර තිබේ.

තුවාල ලැබූවන් අතරින් 11 දෙනෙකුගේ තත්ත්වය අතිශයින්ම බරපතල වන අතර, ආපදාවට පත් ප්‍රදේශවල ජනතාව මුදාගැනීමේ සහ ක්ෂණික සහන සැලසීමේ මෙහෙයුම් සඳහා විශේෂ සහන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ මේ වන විටත් එම ප්‍රදේශයට යොදවා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here