තායිවානය දෙසට ගමන් කරමින් පවතින ප්රබල චණ්ඩ මාරුතයේ බලපෑම හේතුවෙන් එරට අභ්යන්තර සහ ජාත්යන්තර ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්යාවක් අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
විදෙස් මාධ්ය වාර්තා කරන ආකාරයට, අද (24) දිනට යෙදී තිබූ අභ්යන්තර ගුවන් ගමන් 262ක් සහ ජාත්යන්තර ගුවන් ගමන් 660කට අධික ප්රමාණයක් මෙලෙස සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත. මෙම අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ගුවන් ගමන්වලට අමතරව දුම්රිය සහ තොටුපළ සේවාවන්ද තාවකාලිකව නතර කර ඇති අතර, ආරක්ෂක පියවරක් ලෙස ප්රධාන මහා මාර්ග කිහිපයක්ද වසා දමා තිබේ.
අපේක්ෂිත මාරුතයේ තර්ජනය හේතුවෙන් සිදුවිය හැකි ජීවිත හා දේපළ හානි අවම කරගැනීම සඳහා තායිවාන බලධාරීන් විසින් මේ වන විටත් පුළුල් ආරක්ෂක විධිවිධාන රැසක් ක්රියාවට නංවා ඇත.

