චීනය මත අධික ලෙස යැපීම යුරෝපයට තර්ජනයක් – තායිවාන විදේශ අමාත්‍යවරයාගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

0
10

චීනය මත අධික ලෙස රඳා පැවැත්මෙන් ඇති විය හැකි බරපතළ අවදානම පිළිබඳව තායිවාන විදේශ අමාත්‍යවරයා විසින් යුරෝපා සංගමයට විශේෂ අනතුරු ඇඟවීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෝලන්තයේ පැවැති ආරක්ෂක සමුළුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය. යුරෝපයේ ප්‍රති-කාර්මිකකරණ ක්‍රියාවලිය සඳහා විශ්වාසදායක සහකරුවෙකු සහ ප්‍රමුඛ උසස් තාක්ෂණික බලවතෙකු ලෙස තායිවානය සැමවිටම පෙනී සිටින බව ඔහු එහිදී අවධාරණය කළේය.

බ්‍රසල්ස් නුවර පැවැත්වීමට නියමිත යුරෝපා සංගම් රාජ්‍ය නායක සමුළුවේදී බීජිං පාලනය සමඟ පවත්වන වෙළඳ සබඳතා පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත පසුබිමක, චීන සැපයුම්කරුවන් මත පමණක් යැපීම යුරෝපා කලාපයේ ස්වාධීනත්වයට සහ නිදහසට එල්ල වන බරපතළ තර්ජනයක් බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම රාජ්‍ය නායක සමුළුවේ ප්‍රමුඛතම න්‍යාය පත්‍රය ලෙස චීනය පිළිබඳ මාතෘකාව ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. මෙහිදී රුසියානු-යුක්‍රේන යුද්ධය උදාහරණයට ගනිමින් අදහස් දැක්වූ තායිවාන විදේශ අමාත්‍යවරයා, ඒකාධිපති බලශක්ති සැපයුම්කරුවෙකු මත පමණක් යැපීමෙන් යුරෝපයට අත්වූ දරුණු අත්දැකීම් ඉන් මනාව පසක් වන බවද සිහිපත් කළේය.

එසේම, කෘතිම බුද්ධියේ (AI) ශීඝ්‍ර නැගී සිටීමත් සමඟ ලෝකය නවීන ඉතිහාසයේ වේගවත්ම තාක්ෂණික පරිවර්තනයකට ලක්වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here