බරපතළ විනය කඩකිරීම් සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුව චීන උත්තරීතර හමුදා අණදෙන මණ්ඩලය වන රාජ්‍ය මධ්‍යම හමුදා කොමිෂන් සභාවේ උප සභාපති ෂැං යූෂියා (Zhang Youxia) සහ එහි සාමාජික මෙන්ම ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලියු ෂෙන්ලි (Liu Zhenli) යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනා එම ධූරවලින් ඉවත් කිරීමට චීන බලධාරීන් කටයුතු කර තිබේ.
මෙම හදිසි ඉවත් කිරීමත් සමඟ සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විත වූ කොමිෂන් සභාවේ දැනට සක්‍රියව ඉතිරිව සිටින්නේ සාමාජිකයින් දෙදෙනෙකු පමණි. 2012 වසරේ සිට චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ආරම්භ කරන ලද දැවැන්ත දූෂණ විරෝධී මෙහෙයුම යටතේ හමුදාව ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇති අතර, හමුදාව තුළ පවතින අල්ලස් හා දූෂණයට එරෙහි සටන තවදුරටත් දැඩි කරන ලෙස ජනාධිපතිවරයා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින්ට උපදෙස් දී ඇත.

