චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් APEC ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව ඇරඹේ

0
11

චීනයේ ග්වංඩොං (Guangdong) පළාතේ ෂෙන්ජෙන් (Shenzhen) නගරයේ ක්වියාන්හයි (Qianhai) ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (18) පෙරවරුවේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් APEC ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය පැවැත්විණි.

එහිදී ප්‍රධාන දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ආර්ථික ගෝලීයකරණ රැල්ලත් සමඟ බිහි වූ APEC සංවිධානය ආසියා-පැසිෆික් කලාපය වර්තමාන යුගයේ පෙරමුණට ගෙන ඒමට විශාල දායකත්වයක් ලබා දී ඇති බවයි.

පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනංවමින් කලාපීය පොදු සමෘද්ධිය තහවුරු කිරීමට සියලු පාර්ශ්ව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව ඔහු අවධාරණය කළේය.

ඒ සඳහා සාමය හා ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම, විවෘත සහයෝගීතාව සඳහා පාලම් ගොඩනැඟීම, නවෝත්පාදන මූලික කරගත් වර්ධනය දිරිමත් කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ප්‍රතිඵල අත්වන මාර්ග පුළුල් කිරීම කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

තවද, චීනය විසින් ගෝලීය කර්මාන්ත හා වාණිජ ක්ෂේත්‍රය වෙත අතිවිශාල පරිමාණයේ විවෘත වෙළඳපොළ අවකාශයක් සපයනු ඇති බවද ෂී ජින්පිං මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here