අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට අදාළව නිකුත් කරන ලද විවෘත වරෙන්තුවකට අනුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් අභියාචනාධිකරණය වෙත රැගෙන ගොස් තිබේ.
අභියාචනාධිකරණය විසින් මීට පෙර උන්වහන්සේට එරෙහිව මෙම විවෘත වරෙන්තුව නිකුත් කර තිබූ අතර, ඒ අනුව උන්වහන්සේව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

