කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරඹේ. පරිසරය සුරකින්නැයි විශේෂ ඉල්ලීමක්

0
6

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී ආරම්භ වේ.

අද සිට ඔක්තෝබර් 04 වනදා දක්වා දින 10ක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, සෑම දිනකම පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පාඨක ජනතාව උදෙසා විවෘතව තැබෙනු ඇත. මෙවර 27 වන වරටත් පැවැත්වෙන මෙම දැවැන්ත සෙවනට පිවිසෙන පාඨකයින්ට දේශීය මෙන්ම විදේශීය ප්‍රකාශනයන් විශේෂ වට්ටම් සහිතව මිලදී ගැනීමට අවස්ථාව හිමිවේ.

මේ අතර, ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සියලුම පාඨක ජනතාවගෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා විශේෂ ඉල්ලීමක් කර සිටියි. එනම්, පරිසරය සුරැකීම උදෙසා ප්‍රදර්ශන භූමියට පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here