කෙහෙළියට විදෙස් ගමන් තහනමක්

0
3

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව අධිකරණය නියම කළ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර නොමැති හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකු දැඩි කොන්දේසි යටතේ බැඳුම්කර මත මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, එහිදී ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද පියවර ගෙන ඇත.

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එහි වගඋත්තරකරුවන්ට වන්දි ගෙවන ලෙස ඉකුත් මාර්තු මාසයේදී නියෝග කර තිබුණි.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් මිලියන 75ක වන්දි මුදලක් ගෙවන ලෙස නියම කර තිබූ නමුත්, ඉන් ගෙවා ඇත්තේ රුපියල් මිලියන 20ක් පමණක් බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත.

නියමිත පරිදි වන්දි මුදල් නොගෙවීමෙන් වගඋත්තරකරුවන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ සංවිධානය ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here