රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කෙරේ

0
6

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර තත්පරයට ඝන අඩි 15,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහැරීමට පියවර ගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (26) මධ්‍යහ්න 12 වන විට ජලාශයට ලැබෙන අතිරික්ත ජල ප්‍රමාණය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී පෝෂක ප්‍රදේශවල වර්ෂා තත්ත්වය මත විවෘත කරන වාන් දොරටු සංඛ්‍යාව වෙනස් වීමට ඉඩ ඇත.

මීට අමතරව, අද මධ්‍යහ්න 12 වන විට ජලාශයට ලැබෙන ජලය පාලනය කිරීම සඳහා තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කර ඇති අතර, ඒ හරහා මී ඔයට තත්පරයට ඝන අඩි 880ක ජල ප්‍රමාණයක් මුදා හැරෙමින් පවතී.

මෙම තත්ත්වය හමුවේ රාජාංගන ජලාශයට පහළින් කලා ඔය ද්‍රෝණිය අවට මෙන්ම තබ්බෝව ජලාශයට පහළ සහ මී ඔය ගංගා ද්‍රෝණිය දෙපස පදිංචි ජනතාව ගංගාවල ජල මට්ටම්වල සිදුවන වෙනස්වීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය. එමෙන්ම, ආපදා කළමනාකරණ අංශ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන නිල නිවේදන හා උපදෙස් අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here