කුසල් මෙන්ඩිස් අයි.සී.සී. එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානයට

0
16

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් අයි.සී.සී. එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 07 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත්ව තිබේ.

ඒ අනුව ඔහු හිමිකරගෙන ඇති ශ්‍රේණිගත කිරීම් ලකුණු සංඛ්‍යාව 674කි. මෙය කුසල්ගේ එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා වූ ඉහළම ශ්‍රේණිගත කිරීම් ලකුණු සංඛ්‍යාව වීම විශේෂත්වයකි.

මේ අතර, නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව චරිත් අසලංක 15 වන ස්ථානය දක්වාත්, පැතුම් නිස්සංක 19 වන ස්ථානය දක්වාත් පසුබැස ඇත. ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ තවදුරටත් ඉන්දීය නායක ශුබ්මන් ගිල් සතුව පවතින අතර, ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි එහි දෙවන ස්ථානයට පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here