බන්ධනාගාරගත රැඳවියන්ගේ සුභසාධන කටයුතු තවදුරටත් විධිමත් කිරීම සහ බන්ධනාගාර තුළ යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ඇති කිරීම සඳහා වූ ඒකාබද්ධ යාන්ත්‍රණය කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරය තුළ ස්ථාපිත කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) පස්වරුවේ පැවැත්විණි. ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙනි.
ගැටුම් අවම කිරීම සඳහා රැඳවියන්ගේ සුභසාධන පහසුකම් වැඩිදියුණු කිරීම, රාජ්‍ය ආයතන මැදිහත්වීමෙන් ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතා ඉටුකිරීම මෙන්ම කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඩකඩ පහසුකම් පුළුල් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
සාකච්ඡාවෙන් අනතුරුව බන්ධනාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය වැළැක්වීමට රජය ගෙන ඇති කඩිනම් පියවර පිළිබඳව ද රැඳවියන් දැනුවත් කළේය.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත, නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක, මේජර් ජනරාල් ආර්.පී.එස්.පී. රන්දුනු, සහකාර බන්ධනාගාර අධිකාරී වජිර එදිරිසිංහ යන මහත්වරුන් ඇතුළු විදුලිබල මණ්ඩලය, ගිනි නිවීම් ඒකකය හා ජලසම්පාදන මණ්ඩලය නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

