කලා ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වෙයි. පහත්බිම් වාසීන්ට සහ රියදුරන්ට විශේෂ අනතුරු ඇඟවීමක්

0
13

කලා ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් කලා ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංගා නිම්නයේ පහළ ප්‍රදේශවලට හා ඒ ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවය.

මේ වන විට රාජාංගනය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර තත්පරයට ඝන අඩි 13,200කට අධික සීඝ්‍රතාවයකින් කලා ඔයට ජලය මුදාහරිමින් පවතින අතර, ජලාශයට ලැබෙන ජල ධාරිතාව මත මෙම ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩිවීමට ඉඩ ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින්, මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් සහ විමසිල්ලෙන් කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් මෙන්ම, එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් සහ මගීන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව තරයේ ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here