කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි රැහැන්, තඹ කම්බි සහ විදුලි පහන් කණු ඇතුළු උපකරණ සොරකම් කිරීම හේතුවෙන් රුපියල් මිලියන 1,770කට අධික අලාභයක් සිදුව ඇති බව 2024 විගණන වාර්තාවකින් අනාවරණය වේ.
2021 සිට 2023 දක්වා කාලය තුළ සොරකම් සිද්ධි 100ක් වාර්තා වී ඇති අතර, ඉන් සිද්ධි 11ක පමණක් අලාභය රුපියල් මිලියන 580ක් ලෙස ගණනය කර ඇතත් ඉතිරි සොරකම් 89 හි අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.
විදුලි රැහැන් පද්ධතිය සම්පූර්ණ කොන්ක්‍රීට් ආවරණයකින් තොරව අර්ධ වශයෙන් හියුම් පයිප්පවල අසුරා තිබීම නිසා සොරකම් කිරීමට පහසු වී ඇති අතර, මුල් සොරකම වාර්තා වූ අවස්ථාවේ සිට සුදුසු ආරක්ෂිත ක්‍රියාමාර්ග නොගැනීම සහ බලධාරීන්ගේ අධීක්ෂණයේ පැවති අඩුපාඩු මෙලෙස අඛණ්ඩව සොරකම් සිදුවීමට හේතු වී ඇති බව ද විගණන වාර්තාව පෙන්වා දෙයි.

