දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම් සහ ප්‍රධාන ගංගා කිහිපයක පැවැති සුළු ගංවතුර තත්ත්වයන් මේ වන විට බැස යමින් සාමාන්‍ය මට්ටමට පැමිණෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ නිල්වලා ගඟේ තල්ගහගොඩ ප්‍රදේශයේත්, ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයේත්, කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ මිල්ලකන්ද ප්‍රදේශයේත් පැවැති සුළු ගංවතුර තත්ත්වයන් ක්‍රමයෙන් පහත බසිමින් පවතින බවයි.
ඉදිරි හෝරා කිහිපය තුළ අධික වර්ෂාපතනයක් පිළිබඳ පුරෝකථනය කර නොමැති බැවින්, මෙම ගංගාවල ජල මට්ටම් නැවත ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

