එක්සත් ජාතීන්ගේ මහ ලේකම් සහ අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ හමුවක්

0
13

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන 81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතරතුරදී අමාත්‍ය විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් (António Guterres) මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අතිශය සුහද හා ඵලදායී මට්ටමකින් පැවැති මෙම හමුවේදී ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි අවධානය යොමු වී ඇත.

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසාධන හා ප්‍රතිසංස්කරණ වැඩසටහන් මෙන්ම ජාතික සංහිඳියාව තහවුරු කිරීම සඳහා ගෙන යන පියවර පිළිබඳව අමාත්‍යවරයා විසින් මහ ලේකම්වරයා දැනුවත් කර තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩාත් වැඩි සහයක් ලැබෙන පරිදි ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී ඇත.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබාදෙන සක්‍රීය දායකත්වය සහ කැපවීම පිළිබඳවද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here