එංගලන්ත කණ්ඩායමෙන් බිහි වූ වේගවත්ම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන 36 හැවිරිදි මාක් වුඩ් (Mark Wood) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත.
පසුගිය වසර කිහිපය පුරා ඔහු මුහුණ දුන් වැලමිටේ ආබාධ සහ දණහිසේ ශල්‍යකර්ම හේතුවෙන් තවදුරටත් ටෙස්ට් සහ එක්දින තරගවල නිරත වීම අපහසු බවට ලැබුණු වෛද්‍ය උපදෙස් මත ඔහු මෙම තීරණය ගෙන තිබේ. 2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ වුඩ්, ටෙස්ට් තරග 38 කදී කඩුලු 119 ක් ලබාගෙන ඇත.
2019 එක්දින ලෝක කුසලාන ජයග්රහණයේදී කඩුලු 18 ක් දවා ගනිමින් සහ 2022 විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණයට දායක වෙමින් ප්‍රබල මෙහෙවරක් කළ ඔහු, ජාත්‍යන්තර එක්දින තරග 70 කදී කඩුලු 80 ක් සහ විස්සයි20 තරග 38 කදී කඩුලු 54 ක් බිඳහෙළමින් මෙලෙස ක්‍රිකට් පිටියට සමුදුන්නේය.

