ඊශ්‍රායල – ලෙබනන් රෝම සාකච්ඡා ඔක්තෝබර් දක්වා කල් යයි

0
7

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ලබන සතියේ ඉතාලියේ රෝම නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා ඔක්තෝබර් මාසය දක්වා කල් දමා ඇති බව අමෙරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් Axios පුවත් සේවය වාර්තා කර තිබේ.

ඉදිරියේදී යෙදී ඇති යුදෙව් ආගමික නිවාඩු, පැරීසියේ පැවැත්වීමට නියමිත සමුළුවක් මෙන්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ සූදානම් කටයුතු හේතුවෙන් අදාළ පාර්ශ්වයන්ට රෝමයේදී එක්වීමට නොහැකි වීම මීට හේතු වී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම හමුව කල්ගිය ද ඊශ්‍රායල සහ ලෙබනන් තානාපතිවරුන් වොෂින්ටනයේදී හමුවීමට නියමිත බව ද අදාළ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here