ඉරාක විදේශීය ස්වෛරීත්ව දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් සහභාගී වෙයි

0
8

ඉරාක ජනරජයේ ස්වෛරීත්ව දිනය (Sovereignty Day) සැමරීමේ නිල උත්සවය ඊයේ (06) කොළඹ පිහිටි ඉරාක තානාපති කාර්යාලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සහභාගී විය.

ශ්‍රී ලංකාවේ ඉරාක තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම විශේෂ උත්සවය සඳහා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, දේශපාලන නායකයින්, හිටපු තානාපතිවරුන් මෙන්ම දෙරටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් රැසක් ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව සහ ඉරාකය අතර දශක ගණනාවක සිට පවතින සබඳතා පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, වෙළෙඳ, ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව ද අදහස් හුවමාරු විය.

ඉරාකය ශ්‍රී ලංකාවේ වැදගත් වෙළෙඳ පාර්ශවකරුවෙකු වන අතර, විශේෂයෙන්ම ලංකා තේ (Ceylon Tea) අපනයනය කෙරෙන ප්‍රධානතම රටක් ලෙස ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට සහ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here